ඔබේ දුරකථනයේ අධික ලෙස කැපෙන Data ඉතුරුකරගන්න මෙහෙම කරන්න


මාසික උපරිම දත්ත භාවිත සීමාව සැකසීම
මසකට භාවිතා කිරීමට අපේක්ෂා කරන දත්ත ප්‍රමාණය සීමාවක් ලෙස ඔබේ ජංගම දුරකතනයේ පිහිටුවිය හැකියි. උදාහරණයක් ලෙස ඔබට මසකට භාවිතා කිරීමට හැකියාව ඇත්තේ 2GB දත්ත ප්‍රමානයක් පමණක් නම් එය ඔබේ දුරකතනයේ Data Usage>>Billing Cycle>>Data limit and billing cycle යන මාර්ගය ඔස්සේ ගොස් ඇතුලත් කරන්න. ඔබ එසේ ඇතුලත් කල දත්ත සීමාව සම්පුර්ණ වූ විගස අන්තර්ජාල සම්බන්ධතාවය ස්වයංක්‍රියව විසන්ධි වීමක් සිදු වෙනවා. මෙමගින් ඔබ නොදැනුවත්ව අමතර දත්ත වැය වී ඔබේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති වීම වළක්වා ගන්නට පුළුවන්
සෑම විටම අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින ඇප්ස් හදුනා ගැනීම
අප දුරකථන වලට ස්ථාපිත කර ඇති සමහර ඇප්ස් , අප ඒවා භාවිතයට නොගන්න අවස්ථා වලදී පවා ඔබේ අන්තර්ජාල දත්ත පාරිබෝජනය කරමින් සිටිනවා. Settings >> Data Usage ඔස්සේ ගිය විට ඔබට සියලුම ඇප්ස් හා ඒවා විසින් භාවිතා කරන ලද දත්ත ප්‍රමාණය දැක ගත හැකියි. මෙම ඇප්ස් ලැයිස්තුවේ එක් ඇප් එකක් උඩ ස්පර්ශ කල විට එය භාවිතා කරන ලද දත්ත ප්‍රමාණය කොටස් 2කට බෙදා පෙන්වාවි. ඒ අදාළ ඇප් එක ක්‍රියාකාරිව භාවිතා කල අවස්ථාවේ වැයවී ඇති දත්ත ප්‍රමාණය හා භාවිතා නොකළ අවස්ථා වලදී පසුබිමේ රන් වීම නිසා වැයවී ඇති දත්ත ප්‍රමාණය ලෙසයි.
භාවිතා නොකරන ලද අවස්ථා වලදී විශාල ලෙස දත්ත වැය වී ඇති ඇප්ස් වලට පුංචි සැකසීමක් කිරීම මගින් ඔබට විශාල දත්ත ඉතුරුවක් කර ගත හැකියි. සමහර ඇප්ස් ඔබේ දුරකථනය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම සදහා අතවශ්‍ය නිසා දත්ත භාවිතය වැඩි වුවත් Unstall කිරීම සුදුසු වන්නේ නෑ. එවැනි ඇප්ස් වලට Restrict app background data යන විසදුම ලබා දෙන්න.
ගුගල් ක්‍රෝම් හි දත්ත සම්පිණ්ඩන පහසුකම භාවිතා කිරීම
ගුගල් ක්‍රෝම් යනු Android මෙහෙයුම් පද්ධති සදහා භාවිත කරන ලොව ප්‍රචලිතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයයි. දත්ත භාවිතයෙදී අනවශ්‍ය නාස්තිය වලක්වා ගැනීම සදහා සුවිශේෂී වූ පහසුකම් රැසක් ඇතුලත් කරමින් මෙය නිපදවා තිබෙනවා. දත්ත සම්පිණ්ඩනය කර ඔබට ලගා කරවීම ඒවා අතරින් ප්‍රධානම එකක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්
ඔබ ගුගල් ක්‍රෝම් හි දත්ත සම්පිණ්ඩනය ක්‍රියාත්මක කල විට සිදු වන්නේ ඔබ සිදු කරනා සියලුම සෙවුම් විස්තර හා වෙබ් පිටු ඔබ වෙත ඍජුවම ලබා නොදී ප්‍රොක්සි සර්වරයක් හරහා සම්පිණ්ඩනය කර එනම් දත්ත ප්‍රමාණය අඩු කර ඔබ වෙත ලබා දීමයි.
මෙම පහසුකම ස්ථාපිත කිරීම සදහා ගුගල් ක්‍රෝම් හි දකුණු පස ඉහලින් ඇති ඩොට් 3 ඔබන්න. ලැබෙන මෙනුවේ settings ඔබන්න. එහි data saver තෝරා ක්‍රියාත්මක කරන්න. මෙය ON කල පසු ඔබට ලැබෙන තවත් වැදගත් වාසියක් වන්නේ හානිකර වැඩසටහන් (malware and harmful content) වලින්ද ඔබට විශේෂ ආරක්ෂාවක් ගුගල් වෙතින් සැපයීමයි
මෙලෙස දත්ත සම්පිණ්ඩනය මගින් ඔබට විශාල දත්ත ප්‍රමාණයක් (20%කින් පමණ ) ඉතුරු කර ගැනීමට හැකියාව තිබෙනවා
වයි-ෆයි ඔස්සේ පමණක් ඇප්ස් යාවත්කාලින කිරීම
අන්තර්ජාල දත්ත ඉතුරු කර ගැනීම සදහා ස්ථාපිත කල හැකි තවත් ප්‍රයෝජනවත් සැකසීමක් වන්නේ දුරකථනය තුල දැනට ස්ථාපිත කර ඇති Apps ස්වයංක්‍රියව යාවත්කාලීන වීම (Automatic Update) ක්‍රියා විරහිත කිරීමයි . Menu>>Settings >>Auto-update apps ඔස්සේ ගොස් Auto-update apps over Wi-Fi only ලබා දෙන්න. එවිට ඔබ Wi-Fi සබදතාවයකට සම්බන්ධ වූ විගස ස්වයංක්‍රියවම Apps සියල්ල යාවත්කාලින වීම සිදු වෙනවා.
(බෝනස් එකක් – ඉදහිට Wi-Fi සබදතාවයක් ඇති මිතුරෙකුගේ නිවසට පොඩි වේලාවකට ගොඩ වැදී ඔහුගේ සුව දුක් සොයා බැලීමට කටයුතු කිරීම මේ සදහා සුදුසුම ක්‍රමයයි.පළමු දිනයේ පමණක් ඔබට Wi-Fi Password එක ඉල්ලීමට සිදු වේවි. Wi-Fi Password එක එක් වරක් ඇතුලත් කිරීමෙන් පසු නැවත නැවත ඇතුලත් කල යුතු නැත. එම නිසා දෙවන දිනයේ සිට ස්වයංක්‍රියවම ඔබේ දුරකතනය Wi-Fi ජාලයට සම්බන්ධ සම්බන්ධ වී කිසිදු හසුවීමකින් තොරව ඔබගේ කාර්ය ඉටු කර ගැනීමට පුළුවන්. මිතු දමද වඩවා ගැනීමට පුළුවන් )
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ නැරඹීම හා සංගීතයට සවන් දීමේදී සීමා පනවා ගැනීම
ඔන්ලයින් වීඩියෝ නැරඹීම හා සංගීතයට සවන් දීම යනු විශාල දත්ත ප්‍රමානයක් නාස්ති වෙන ක්‍රියාවක්. නමුත් විනෝදයෙන් කාලය ගත කිරීමට එය අතවශ්‍ය කටයුත්තක් නිසා දත්ත ඉතුරු වන අයුරින් එය සිදු කරනා ආකාරය විශ්ම ලෝකය ඔබට කියා දෙන්නම්.
ඔබ නිතර නිතර සවන් දෙන හා නරඹන සින්දු / වීඩියෝ දුරකතනයේ ස්ථාවර මතක පතට Save කර තබා ගන්න. තවද Youtube හි වීඩියෝ නරඹන විට ඉහලම වීඩියෝ ගුණාත්මකතාවයෙන් (Video Quality) නරඹනවා වෙනුවට මධ්‍යස්ත මට්ටමක් තෝරා ගැනීම ද හොද විසදුමක්.
ඔබ භාවිතා කරන ඇප්ස් පිළිබද හොද අවධානයකින් සිටීම
ඔබේ අන්තර්ජාල දත්ත අනවශ්‍ය ලෙස කා දමන ඇප්ස් පිළිබද නිරතුරු හොද අවධානයකින් සිටිම ඉතා වැදගත්. උදාහරණයක් ලෙස Google Photos App එකේදී ඔබ ෆොටෝ එකක් මත ක්ලික් කරන සෑම අවස්තාවකදීම එය පසුබිමින් ඔබට syncing වීමක් සිදු වෙනවා.
තවද ෆේස්බුක් , ඉන්ස්ටා ග්‍රෑම් , ටුවිටර් වැනි සමාජ ජාල ප්‍රවේශ ඇප්ස් ද විශාල දත්ත ප්‍රමාණයක් හා බැටරි ආයු කාලයක් කා දමනවා. මෙවැනි ඇප්ස් හදුනා ගෙන ඒවාට විකල්ප භාවිතා කිරීම සිදු කරන්න. ෆේස්බුක් ඇප් එක සදහා Facebook Lite App එක යොදා ගැනීමට හැකි අතර ටුවිටර් වෙනුවට TweetCaster භාවිත කිරීමට ඔබට පුළුවන්. මෙවැනි විකල්ප ඇප්ස් භාවිතය මගින් ඔබේ රස වින්දනයට කිසිදු බාධාවක් නොවන අතර දත්ත විශාල ප්‍රමාණයක් හා බැටරියේ බලය දිගු කාලයක් පුරා සුරැකිව තබා ගත හැක
Off Line භාවිතය සදහා ගුගල් මැප් Cache ලෙසින් පවත්වා ගැනීම
අපට නිතර දෙවේලේ අවශ්‍ය වන දෙයක් තමයි ගුගල් මැප් එක කියන්නේ. නමුත් මෙය වරක් භාවිත කල පසු අපට නැවත එය Offline සිටින මොහොතක පවා නැරඹීමට හැකි වන පරිද්දෙන් Cache ලෙසින් Save කර තබා ගැනීමට පුළුවන් බව ඔබ දැන සිටියාද ? මෙමගින් ඔබට කාලය හා දත්ත යන දෙකම ඉතුරු කර ගැනීමට පුළුවන්. ඒ වගේම ඔබ නිතර දෙවේලේ ගමන් කරන මාර්ගයන් හා ස්ථාන වල සිතියම download කර තබා ගැනීම මගින් හදිසිස්යේ ඇති වන සිග්නල් ඇන හිටීම වැනි තත්වයන් නිසා ගමනට බාධා ඇති වීම වළක්වා ගත හැකියි. මෙය සිදු කරන්නේ මෙහෙමයි
Wi-Fi සබදතාවයකට ඔබේ දුරකතනය සම්බන්ධ කර ගුගල් මැප් වෙත ප්‍රවේශ වන්න. දැන් එහි මෙනුවට ගොස් එහි ඇති Offline Maps තෝරා Select your own map තෝරන්න.ඔබට භාගත කර ගැනීමට අවශ්‍ය ප්‍රදේශය තෝරා Download විධානය ලබා දෙන්න
Auto-sync වීම ප්‍රශස්ත කිරීම
දුරකතනයේ විවිධ ඇප්ස් auto-sync වන ලෙස Default Settings සටහන් වී ඇත. මෙම නිසාවෙන් ෆේස්බුක් , ගුගල් ප්ලස් වැනි Data වැඩි වශයෙන් කා දමන ඇප්ස් නිරතුරු ඔබේ දුරකතනයට Sync වීම සිදු වේ. තවද ඔබ දුරකතනයේ සුළු වෙනස් කමක් සිදු කල පමණින් වත් සියලු දත්ත auto-sync වීම සිදු වේ. බොහෝ අවස්ථා වල මෙම ක්‍රියාව සැබැවින්ම අනවශ්‍ය දත්ත නාස්ති වන එකකි. විවිධ ඇප්ස් සදහා ඔබට අවශ්‍ය දේවල් පමණක් auto-sync වන ලෙස සැකසීම සදහා Settings>>Accounts ඔස්සේ ප්‍රවේශ වන්න.
උදාහරණයක් ලෙස ගුගල් හි Sync වීම් ප්‍රශස්ත කිරීම සදහා ගුගල් ඇප් අයිකන් එක මත ක්ලික් කර එහි auto-sync වීම අනවශ්‍ය දෑ ඉවත් කරන්න. මා හට Google Fit data, Google Play Movies, and Google Play Music වැනි දෑ අනවශ්‍ය අතර මා එය මෙලෙසින් auto-sync වීම නවතා දැමුවා.
බෝනස් ටිප්ස් කිහිපයක්
ප්‍රමාණයෙන් විශාල ගොනු download කිරීම සදහා Wi-fi සබදතාවයක් භාවිතා කරන්න
දුරකතනයේ Cache පවිත්‍ර කිරීම දුරකතනයේ මතක පතේ ඉඩ නොමැති නම් පමණක්ම සිදු කරන්න
භාවිතා නොකරන අවස්ථා වල Mobile data විසන්ධි කර තබන්න
ඇප්ස් වලින් නිතර notifications පැමිණීම ඔබට අවශ්‍ය ඒවාට පමණක් On කර තබන්න. අනෙක් ඒවා වල notifications අක්‍රිය කරන්න.
නිතර නිතර යාවත්කාලින වන home screen widgets වැනි දෑ දීර්ඝ කාලයකට වරක් යාවත්කාලින වන ලෙස සැකසුම් සකස් කරන්න
ඉතින් යාලුවනේ මෙම ක්‍රම 8 භාවිතා කර ඔබේ දුරකථනයේ දත්ත 50% ප්‍රමාණයකින් ඉතුරු කර ගැනීමට ඔබට පුළුවන් වේවි කියා විශ්ම ලෝකය බොහෝම විශ්වාසයෙන් කියනවා. අපට කරන දිරි ගැන්වීමක් ලෙස මෙම වටිනා ලිපිය ඔබේ මිතුරන් අතරේ බෙදා හැරීමට කාරුණික වන්න. ඔබට සුබ දවසක්.
උපුටා ගැනීම වටිනා තාක්ෂණික පුවත් ඔබට කියාදෙන විශ්ම ලෝකය වෙබ් පිටුවෙන්

1 comment: