වැරදුනේ කාටද?


වැරදුනේ කාටද????
දින කීපයක් පුරාවට බුකියේ බොහෝ දෙනා මහමෙවිනා භාවනා අසපුව විසින් මීට වසරකට කලින් සේරුවාවිල මහා සෑයට පිදු පළතුරු දානයට ඉතාම පහත් වචන භාවිතා කරමින් බුදු දහම පිළිබදව කෙල පැමිණි මහා විශාරදයන් ලෙස උපදෙස් දෙමෙින් පවතී..
අනේ අපරාදේ මෙි දානේ...දුප්පත් මිනිසුන්ට දෙන්න තිබුනා...
හයියෝ කොච්චර අපරාදයක්ද?? මෙි සංඝයාට පිස්සද???
ඔය සමහරක්ගේ අදහස්ය....

සත්‍ය නම් ඔවුන් බුදු දහම ගැන දන්නේ දහම් පාසල් දැනුමෙන් පමණී...ඔනෑම දෙයක් නොදැන කතා කිරීම අනතුරුදායකය...
අප අසනීපයකට වෛද්‍යවරයෙක් වෙත යන්නේ ඔහු අවුරුදු 4ක් 5ක් වෛද්‍ය විද්‍යාව මනාව ඉගෙන ගෙන එහි ප‍්‍රවීණයෙක් වන නිසයි...අප බෙහෙත් ගැනීමට වඩු බාස් කෙනෙක් සොයා යන්නේ නැත...
වඩුබාස් දන්න බෙහෙතක් ද නැත...

ඒ වගේම මෙිසයක් හදන්න දොස්තර මුණ ගැහෙන්නේද නැත.දොස්සතර. දන්න වඩු වැඩක්ද නැත...

එලෙසින්ම බුදු සසුනේ මහා දානයන් ගැන මෙි ෆේස් බුක් මහාචාර්්‍යවරු දන්නේ ද නැත...
ඔව්න් දන්නේ බුදු රජාණනන් වහන්සේ අවසානයට දේශනා කල වචන ටිකක් පමණි...
"පින්වත් මහණෙනි ප‍්‍රතිපත්ති පූජාවම වඩා වටින්නනේය""...ඒ වචනයයි
උන් වහන්සේ මෙහෙමද අවසානයේ දේශනා කලේය.
 "ආනන්ද මෙි ගැහැණු අය නොදකින එකමයි හොද"...
එහෙම කියා අප ගැහැණු දෙස නොබලා ඉන්නේ නැත...
එය කියුවෙි පැවිද්දන්ට මිස ගිහියන්ට නොවෙි...එය නොදන්නා ගිහියන් හත්පොලේ ගාගනී...

මෙය අපරාධයක්නම් ගැමුණු මහා රජතුමා මහා අපරාධකරුය...
ඇයි ඒ ??? ඒ රජතුමා තමයි රුවන් වැලි මහා සෑය අතුලේ රත්තරන් වලින් පිළිම හැදුවෙි මුතු මැණික් සෑයේ බිමට ඇතිරුවෙි...
අපරාදේ ... එහෙනම් ඒවත් දුප්පතුන්ට දෙන්න තිබ්බා...
ඊලග වැදිකරු ගැමුණු රජතුමාගේ මල්ලි සද්ධාතිස්සය
ඇයි ඒ???කරත්ත රොද සයිස් රත්තරන් ධර්මචක‍්‍ර සාදවා දීඝවාපි සෑයේ එලුලවානේ...
අපරාදේ ඒ රත්තරන්....
ඊලග මහා වරදකරු
මහසෙන් රජතුමාය
ඇයි ඒ?? ගඩොල් මහා ගොඩක් වියදම් කරලා ලොකේ දෙවැනියට ලොකුම ගඩොල් මහා සෑය ජොතවනාරාමය බැන්දා...
අනේ අපොයි සල්ලි???
අනාගතයේ මෙි පළතුරු පූජාවට බනිනා අයගේ දරුවන් මෙසේ මෙි මහා රජවරුන්ට බනිනු නිසැකය...

බුදු රජාණන් වහන්සේ කිසි තැනක පින් කිරීමට නින්දා කර නැති..එපා කියාද නැත...තිබෙිනෙම් එය සූත‍්‍ර පිටකයේ පෙන්වා දිය යුතුය...
මාපුංඥභායි සූත‍්‍රය...නිධිකණ්ඩ සූත‍්‍රයන්හි ඉතා පැහිදිලිව පින් කිරීම ගැන සදහන් වන්නේය...ඒවා නොකියා වඩුබාස්ගෙන් බෙහෙත් ගන්නට යන මොඩ මිනිසුන් මෙි පින්කම් වලිට නින්දා කර අකුසල් රුස් කරන්නේය

මෙිවා දන්නේ බුදු දහම ගැන දන්නා අය මිස තමන්ගේ පොඩි මොලෙන් හිතන්න පුලුවන් අයට නොවෙි...
වැරදි සොයන්නට අවශ්‍යනම් සමාජයේ ඔනෑතරම් වැරදි ඇත...දුප්පත් අහිසංක මිනිස්සු ගෙඩිය ගෙඩිය තමන්ගේ පළතුරු ගස්වලින් කඩාගෙන අවිත් සෑයකට පූජා කරීම අපරාධයක් ලෙස දකින්නේ නම් එයට කාතා කරන්නේ නම්.. ඊයේ මුහුදේ ගිල්වූ නැව් ගැනත් කාර් ගැනත් නුඹලා කතා කල යුතුය..

මන්ද යත් ඒවා ඔබෙත් අපෙත් මහන්සියෙන් ඉපැයූ ධනයයි..එයට නිහඩව අහිංසක ස්වාමින් වහන්සේලාට නින්දා කරමින් මහා සෑයට බනිනා නූඹලාට යහපත්නම් නොවනු ඇත..
අවසානයෙේ වැරදුනේ මහමෙව්වනාවටවත් ස්වාමින්වහන්සේලාටත් නොව නොදන්නා දෙය කතා කරන්න ගිය නුඹූලාටමය...

උපුටා ගැනීම | Ranga P Ruwanpura

"ශ්‍රද්ධාව හා අවබෝධය යුතුව අාමිසය හා ප්‍රතිපත්තිය වඩන්න"

තෙරුවන් සරණයි!

No comments