දුරකථන අංක සහිතයි - ඔබත් මග තොටේදී ගෘහස්ථව හිංසාවකට ලක් වෙනවාද?


මා නිතරම ගේ සමීපයේ තිබෙන කඩවලට, නැත්නම් ෆාමසියට, එහෙමත් නැත්නම් දරුවෙක්ගේ පෙර පාසලට ගමන් කරන්නේ පයින්. ශරීරයට ව්‍යායාමයක් ලබා ගැනීම මේ මගින් සිදු වෙනවා. ඇත්තටම මොන විදිහක සාමාන්‍ය ශිෂ්ට ඇඳුමක් ඇඳගෙන ගියත් නිරන්තරවම යන එන මෝටර් සයිකල් රියදුරන්, ලොරි ත්‍රීවිල් රියදුරන් වැනි උදවිය කුමක් හෝ අසභ්‍ය වචනයක් කියාගෙන යාම හරිම සාමාන්‍යයි.
1) ඇත්තටම මෙය ඔබට එරෙහිව සිදුවන වාචික ලිංගික හිංසනයක්
කිසිම කෙනෙක් මෙය ගැන කරදර වෙන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ. නමුත් එයින් ඔබට ඇතිවන පීඩනය අසීමිතයි. අපගේ උපදේශන වලට එන බොහෝ ගැහැණු ළමයි ව්‍යායාම වල නිරත වීම මගහරින්නේ මේ නිසා බව අපට පුද්ගලිකව කියනවා. ව්‍යායාම කිරීමට එලියට බැස්ස විගස අසන්නට ලැබෙන කුණුහරප නිසා ඔවුන් ව්‍යායාමයෙන් පවා වැළකිලා. ඔවුනට තමන්ගේ ආරක්ෂාව ගැන විශාල බියක් ඇති වෙනවා කියලත් අපට කියනව.
2) මේ තත්වය ඉස්සර සමාජේ තිබුනේ බොහොම අඩුවෙන්
අපේ අම්මල තරුණ කාලේ බොහෝ විට ඔවුන් මහ පාරේ නිදහසේ බැහැල ගමන් බිමන් ගියා. වෙන එකක් තබා මිනි ගවුම් නමැති ඉතාම කෙටි විලාසිතාවෙන් සැරසිලා ඔවුන් තීටර් හෙවත් සිනමා බලන්න යන එක සිරිතක්. බස් වල ගමන් ගියත් අද වගේ ඔවුන් අතවර වලට ලක් වුනේ නැහැ.
ඔවුන්ට කොල්ලෙක් විහිළුවක් කරේ “අහ්හ් නංගි..කොහෙද යන්නේ” වගේ විනීත වචනෙකින් මිස අපිට අද අමතන නරක වචන වලින් නෙවෙයි.
3) බස් රථ වල සුලභ ලිංගික හිංසන
ඇතැම් පවුකාර පුද්ගලයෝ බස් රථ වලට නගින්නේ අහිංසක ගැහැනියක් හිංසනයට ලක් කිරීමේ චේතනාවෙන්. මෙවැනි දේට අපි විරුද්ධ වෙන්නේ නැහැ. අපිට ලජ්ජා වෙයි කියන බයට. ඒ වගේම මේ අපචාරකයෝ හොඳින්ම දන්නවා ගොදුරු කර ගත යුතු අහිංසක ගැහැණු කවුද කියා. ඔවුන් කවදාවත් ශක්තිමත් බව පෙන්වන ගැහැණු වෙත එන්නේ නැහැ.
4) බටහිර රටවල කාන්තාව අත් විඳින නිදහස සහ අපි රටක් ලෙස අසංවර්ධිත වීම
බොහෝ බටහිර රටවල කාන්තාවෝ කිසිම කෙනෙක් නැතුව රාත්‍රියේ තමාගේ වැඩ කටයුතු කරගන්න එලියට යනවා. රාත්‍රී 12 ට සුපර් මාකට් යන, ව්‍යායාමයට ඇවිදින ගැහැණු එම රටවල සුලභයි. කිසිවෙක් වචනයක් කියන්නෙත් නැහැ. කීවොත් දැඩි දඬුවම් පමුනවන්න නීතිය ශක්තිමත්. ඒ එක්කම සමාජය හැදිලා තියෙන්නේ පුද්ගල නිදහස කියන සංකල්පය යටතේයි. අපේ රටේ නම් බොහෝ විට ගැහැනියක් රාත්‍රියේ කඩෙන් බඩු ගන්න යාම අර්ථකථනය කරන්නේ වැරදි විදිහකට. අපි හැමදාම රටක් ලෙස දියුණු නොවී ඉන්නේ මේ පටු ආකල්ප නිසයි.
5) ඔබ කිසිම දවසක අපචාරකයන්ට බයෙන් ඔබේ කටයතු නවත්වන්න එපා
අපේ රටේ සමාජයේ බරපතල අඩුපාඩු තිබෙනවා. එය සැකසී තිබෙන්නේ අතවරයකට ලක්වෙන ගැහැණිය නීතිය ඉදිරියට ගියොත් ඇය සිය වතාවක් සමාජයේ අතවරයට ලක් වෙන් ආකාරයට. නමුත් භය නැතුව නීතිය ඉදිරියට යාමට දැනුමත් කමක් තිබීම ගොඩක් වැදගත්. කාන්තාවන්ට එරෙහි වාචික ලිංගික හිංසනය කියන්නේ වරෙන්තු නැතුව අත් අඩංගුවට ගන්න පුළුවන් වරදක්.
ඔබ කිසිම වෙලාවක නරක වචන වලට බයෙන් ගෙයි සැඟවී ඉන්න එපා. එළිමහනට ඇවිත් ව්‍යායාම, ඔබේ ක්‍රීඩා කටයුතු වල යෙදෙන්න.
6) නිහඩව සිටීම යනු ඔවුනට කරන උපකාරයක්.
බසයක හෝ මග තොටේදී ඔබ අපචාරයට ලක් විනි නම් කෙදිනකවත් නිහඩව ඉන්න එපා. හැකි අයුරින් ඔවුනට ශක්තිමත්ව විරෝධය පාන්න. නැත්නම් එය ඔවුන් තව දිරිමත් කරනවා. ඒ වගේම ඔබ අහිංසක බව හඳුනා ගන්න ඔවුනට පුළුවන්. ගැහැනියක් ලෙස උපන් ඔබ කාගෙන්වත් නරක වචන අහන්න, අතවර වලට ලක්වෙන්න අවශ්‍ය නැහැ. ශාරීරිකව ශක්තිමත් වෙන්න. හැකි නම් කරාටි වැනි ක්‍රීඩාවක් කුඩා කළ සිටම ඉගෙන ගන්න. ඔබේ දියණිටත් ඇගේ ශාරීරික සහ මානසික වර්ධනයට මෙවැනි ක්‍රීඩාවක් අත්‍යවශ්‍යයි.

7) එමෙන්ම ගෘහස්ථ හිංසාවකට ලක් වන්නේද?

ඔබ සැමියා විසින්, නැතිනම් වෙනත් අයකුගෙන් හිංසාවකට ලක්වන්නේ නම් වහා අමතන්න.
ඔබට යම් කරදකරදරයක් සිදුවු අවස්ථාවක ළමා හා කාන්තා කාර්‍යංශය අමතන්න....


කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
5වන මහල, සෙත්සිරිපාය 2වන අදියර,
බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
දුරකථන : +94 11 2186055
ෆැක්ස් : +94 11 2187249
ඊ-තැපැල secycdwa@gmail.com
 
අප අමාත්‍යාංශයට අයත්  තොරතුරු නිලධාරීන්:-

ආයතනයේ/දෙපාර්තමේන්තුවේ/ කාර්යාලයේ නම
තොරතුරු නිලධාරියාගේ /නිලධාරීන්ගේ නම
තනතුර


රාජකාරි ලිපිනය
දුරකථන අංකය
1
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
ආර්. එල් .එස්.පී ස්වර්ණලතා මිය
ජේ.ස.ලේ.(පාලන)
5 වන මහළ,
සෙත්සිරිපාය
II වන අදියර,
බත්තරමුල්ල
0112187274
2
ජාතික කාන්තා කමිටුව
එම්. ඒ .අනුලා ඉන්ද්‍රානි මිය
විධායක අධ්‍යක්ෂ
5 වන මහළ,
සෙත්සිරිපාය
II වන අදියර,
බත්තරමුල්ල
0112187257
3
කාන්තා කාර්යාංශය
චම්පා උපසේන මිය
අධ්‍යක්ෂ
3 වන මහළ,
සෙත්සිරිපාය
II වන අදියර,
බත්තරමුල්ල
0112187270
4
ළමා ලේකම් කාර්යාලය
නයනා ඊ සේනාරත්න මිය
අධ්‍යක්ෂ(වැ.බ.)
6 වන මහළ,
සෙත්සිරිපාය
II වන අදියර,
බත්තරමුල්ල
0112186054
5
ජාතික ළමාරක්ෂක අධිකාරිය
අනෝමා සිරිවර්ධන මිය
සාමාන්‍යාධිකාරී
නො:330, තලවතුගොඩ පාර,
මාදිවෙල,
ශ්‍රී ජයවර්ධනපුර
0112778911
6
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තුමේන්තුව
පී. චන්දිමා සිගේරා මිය
කොමසාරිස්
3 වන මහළ,
සෙත්සිරිපාය
II වන අදියර,
බත්තරමුල්ල
0112187283
 – උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

No comments