සෞඛ්‍යය සම්පන්න නොවන යෝනියක දැකිය හැකි ලක්‍ෂණ මෙන්න


කාන්තාවකගේ යෝනිය යනු ස්වාභාවිකවම ආම්ලික පරිසරයකින් යුත් සෞඛ්‍යයට හිතකර වාසි ගෙනන බැක්ටීරියා පිරුණු ස්ථානයක්.
යෝනියේ අන්තර්ගත වන සෞඛ්‍යය සම්පන්න බැක්ටීරියාවන් විසින් විවිධ ආසාදන වලින් ආරක්‍ෂා කිරීමත් PH අගය නිසි මට්ටමක පවත්වා ගැනීමත් සිදු කරනු ලබනවා. ඛේටය මගින් මුඛය පිරිසිදු කරනවා මෙන් යෝනිය විසින්ද එක්තරා ශ්‍රාවයක් නිකුත් කර යෝනිය ස්වභාවිකවම පවිත්‍රකරගනු ලබනවා.
යෝනියේ විවිධ ආසාත්මිකතාවයන් හට ගනු ලබන්නේ යෝනියේ පවතින සාමාන්‍ය තත්වය බිඳවැටී ගිය පසුවයි. මේ නිසා කාන්තාවක් ලෙස ඔබ යෝනියේ නිසි සෞඛ්‍යයමට්ටම පවත්වා ගන්නා අයුරු දැනුවත් විය යුතු වන්නේ.
යෝනිදාහය “vaginitis” ලෙස හඳුන්වනු ලබන යෝනියේ හට ගන්නා කැසීම සහ දැවිල්ල වැනි තත්වය හට ගනු ලබන්නේ අහිතකර බැක්ටීරියාවන් ආසාදනය වීම නිසයි.
කැන්ඩිඩා ලෙස හඳුන්වන යිස්ට් වැනි බැක්ටීරියාවන් මෙන්ම දිලීර වර්ග නිසා යෝනිදාහය 40% පමණ හට ගන්නා අතර කාන්තාවන් 75% පමණ ඔවුන්ගේ ජීවිතයේ ඇතැම් අවස්ථා වල මෙම සෞඛ්‍යය ගැටලුව නිසා පීඩාවට පත්වනවා.
යීස්ට් ආසාදනයේ ලක්‍ෂණ:
  • යෝනියේ සහ යෝනි මුඛයේ කැසිල්ල සහ දැවිල්ල
  • අසාමාන්‍ය ලෙස යෝනියෙන් නකුත්වන තරලයන්
  • දුර්ගන්ධය
  • රත්පැහැ වීම, ඉදිමීම සහ වේදනාවක් දැනීම
  • ගුදමුඛය අවට සහ තට්ටම අවට කාස්ට ඇතිවීම
රෝග කාරක හේතු මොනවාද?
  • ප්‍රතිජීවක
  • උපත් පාලන ඖෂධ
  • උණුසුම් වීම නිසා යෝනිය අවට රත්වීම, අනවශ්‍ය තෙතමනය, ගර්භනී සමයේදී සිදුවන හෝමෝන වෙනස්වීම්
  • දියවැඩියාව
  • Corticosteroid හෝමෝන භාවිතය
  • ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග
  • HIV ආසාදනය
  • තරබාරුව
  • අධික සීනි පරිභෝජනය
  • කපු අඩංගු නොවන යට ඇඳුම් පැළඳීම, ශරීරයට හිර ඇඳුම් පැළඳීම සහ මේස් රෙදි වලින් සකස් කල යට ඇඳුම්
  • “pantyhose” පැළඳීම
  • ඔසප්වීම – ඔසප්වීමට පෙර සහ පසුව යෝනිදාහය ඇති වනවා
සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කර මෙම සෞඛ්‍යය ගැටළුව සුවපත් කර ගනිමු.
යෝනිදාහය “vaginitis” ලෙසහඳුන්වනු ලබන මෙම සෞඛ්‍යය ගැටලුව සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම මගින් සුවපත් කරගන්නට පුළුවන්. සෝයා ආහාර, “Cranberry” යුෂ සහ යෝගට් වැනි ආහාර යීස්ට් ආසාදනය සුවපත් කිරීම සඳහා සාර්ථක වනවා.
Cranberry යුෂ මගින් ලැබෙන වාසි:
මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන තත්වයන් සුවපත් කිරීම සඳහා “Cranberry” යුෂ ප්‍රසිද්ධියක් උසුලනවා.“Cranberry” යුෂ සතු ආම්ලික සංඝටක රෝගකාරක බැක්ටීරියාවන් සමග සටන්කර යෝනිදාහය සුවපත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබනවා.
යෝගට් මගින් ලැබෙන වාසි:
යෝනිය ආශ්‍රිත රෝග සුවපත් කිරීමේදී සෞඛ්‍යයට හිතකර බැක්ටීරියාවන් ලං කර ගැනීම වඩාත් ඵලදායී වන අතර යෝගට් මගින් එම කාර්යය සාර්ථකව සිදු කරනු ලබනවා. යෝනිය ආශ්‍රිත රෝග ඇත්නම් සීනි අධික ආහාර අනුභව කිරීමෙන් ඉවත්වී සිටීමත් අතිශය වැදගත්වනවා.
විටමින් E වලින් පොහොසත් ආහාර මගින් සැලසෙන වාසි:
විටමින් E තුල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක බලය මගින් සමේ ආසාදනතත්වයන් සුවපත් කිරීමද ශරීරයේ අවයව බොහෝමයකට සුවය සැලසීමද සිදු වනවා. විටමින් E බහුල ආහාර ලෙස tofu, broccoli, අලිගැටපේර, නිවිති, සහ වෙනත් එළවළු වර්ග, මුහුදු ආහාර, ඔලිව් තෙල්, වට්ටක්කා, අඹ, කොට්ටං, සූරියකාන්ත මල් ඇට වැනි ආහාර හඳුන්වා දෙන්නට පුළුවන්.
කපු සහිත රෙදි වලින් නිමවන ලද යට ඇඳුම් පළඳින්න.
කපු සහිත රෙදි වලින් නිමවන ලද යට ඇඳුම් මගින් තෙතමනය නිසි ලෙස අවශෝෂණය කර ශ්වසන ක්‍රියාවලිය නිසි ලෙස සිදු කරනු ලබනවා. කපු සහිත යට ඇඳුම් පැළඳීම මගින් කාන්තාවකට ඇති වන යෝනි ආසාදනයන්ගෙන් සහනය සලසා ගන්නට පුළුවන්.
ආසේක කිරීමෙන් වැලකී සිටින්න.
ආසේක කිරීම මගින් යෝනියේ pH මට්ටම වෙනස්වී ආම්ලික පරිසරය බිඳවැටී බැක්ටීරියා ආසාදනයන් ඇතිවීම ආරම්භවනවා. ඔබේ යෝනියෙන් දුර්ගන්ධයක් පිටවනවා නම් ආසේක කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එමෙන්ම, යෝනි මුඛය සහ යෝනිය අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා සමට සැර සහිත සබන්වර්ග භාවිතා කිරීමෙන්ද වැලකී සිටින්න. එමගින් සමේ සෞඛ්‍යය සම්පන්න pH මට්ටමට හානි සිදුවනවා.
කොන්ඩම් භාවිතා කරන්න.
විවිධ අධ්‍යයනයන් විසින් කරුණු දක්වන ආකාරයට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග වලින් සහ අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්‍ෂා වනවාට අමතරව කොන්ඩම් භාවිතා කිරීම මගින් යෝනියේ නිසි pH මට්ටම ආරක්‍ෂා කර ගැනීමත් සිදු කර ගන්නට පුළුවන්.
ඔබ මෙවන් දෑ වලිනුත් ඉවත්වී සිටින්න.
ප්‍රසාදිත ආහාර
පෑස්ටා, සුදු පාන්, පිටි සීනි වලින් ඉවත්වී රතු මස් ආහාරයට ගැනීම තරමක් අඩු කරන්න. සැකසූ සහ ක්‍ෂණික කඩ කෑමවල අඩංගු වන ට්‍රාන්ස් මේද අම්ල ලබා ගැනීමෙනුත් වැලකී සිටින්න.
ප්‍රතිජීවක
ප්‍රතිජීවක මගින් යෝනියේ සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාර වන ලැක්ටෝ බැසිල විනාශ වන නිසා ඔබට හැකි පරිදි ප්‍රෝබයෝටික් අඩංගු වන යෝගට් වැනි ආහාර ලබා ගන්න. ප්‍රෝබයෝටික් මගින් හිතකර බැක්ටීරියාවන්ට හානියක් සිදු නොකර යෝනි ආසාදනයන් සුවපත් කරනු ලබනවා.
ප්‍රවේශමෙන් සබන් භාවිතා කරන්න.
සුවඳ සබන් මගින් ශරීරය සුවඳවත් කලත් ලිංගික ප්‍රදේශයේ සබන් භාවිතාකිරීම මගින් එහි සංවේදී සමට හානි සිදු වනවා. තරමක් උණු ජලයෙන් යෝනි ප්‍රදේශය පිරිසිදු කර ගැනීම ප්‍රමාණවත් වනවා.
-උපුටාගැනීම badapissi. Com-

No comments