කවුද ඉස්සර වුනේ


කවුද ඉස්සර වුනේ
--------------
අද වගෙම දවසක
එදත් එක හවසක
උද්‍යාන විදීයේ
පියමැන්න අපූරුව

අඩුවෙන්ම කතාකර
යටිහිතින් මුමුණමින්
හදවතින් බදා වුණි
අපි හුඟක් දුරකින්

හොර හොරෙන් බල බලා
පොළොවටත් නොදැනී
යනගමන් මොනවදෝ
යටි හිතට කිමිදී

එදා පිපි දෙවැට මල්
අද තාර පොළව මත
අපි නොදැනී දෙපයටම
පෑගිලා හොදටෝම

එදත් අපි වෙන්වුනේ
නුඹේ බස් නැවතුමේ
මට අදත් සිහිවුනේ
කවුද ඉස්සර වුනේ

-සෙල්ෆි කවියා-