කපාපු පලුව


කපාපු පලුව
-------------------------------
උපන් දවසේ ඉදන් දරුවා - තුරුල් කරගෙන හිටියෙ දෙන්නා
හපන් කම උඹෙ දැනුයි දන්නේ - කියා කීවේ පැටියා පෙන්නා
ජපන් ඉද ආ සුවාරිස්ගේ - තලත්තෑනී කොල්ලා ඉන්නා
කපන් ආ මේ උගේ පලුවක් - වගෙයි කිනවා ගමක් දන්නා

එහා ගෙදරම උගේ මූණ ම - මගේ කොළුවට තියෙන හින්දා
මහා ඉහලින් අපේ උන්දැත් - රැයත් දහවල් කරයි නින්දා
වහා පලයන් මූත් අරගෙන - උගේ ගෙදරට හනික කැන්දා
ලිහා යන්නට කියූවත් බැමි - එපා කෙනෙහිලි මෙන්න වැන්දා

උඹට අමතක මගේ රන්කද - එදා දෙන්නම එකම හීනේ
බඩට දින සති මාස ගෙවුනේ - හිමිගෙ ඇස් දෙක පේන මානේ
හිතට කැප නැති ලොවට සැක ඇති - රොස් පරොස් ලඟ පුතුගෙ මූනේ
කෙතට ඉහිනා තෙල් බිදක් ගෙන - තොලේ උලපන් නොදැනි ගානේ

කවට කමකට එකෙක් කීවත් - දිනක් කටකැටි කතා කොල්ලන්
නිවට කමකට වගේ ඒකම - හිතේ එල්ලා කරන සෙල්ලන්
පවට පින දී ඉන්න හැදුවට - සනුහරේ මගෙ එවුන් පල්ලන්
දිවට දිව ගා හිටිය සෙනෙහස - හැමදෑම මම කෙරුවේ මෙල්ලන්


#සෙල්ෆි_කවියා (Priyadarshana R.M.A.)