ගිජුලිහිණියා සහ දරුවාගේ නොදත් කතාව...


මෙතෙක් කතාව:-

දකුණු සූඩානයේ දී කෙවින් කාටර් නම් දකුණු අප්‍රිකානු චායාරූප ශිල්පියා මේ චායාරූපය ලබාගන්නේ 1993 මාර්තුවේදී.
ඉතිරි තප්පරයේදී වියහැකි ඉරණමෙහි අවිනිශ්චිත බව පිලිබඳ වන කම්පනය නිසාම මෙය ලොවක් කතාකළ චායාරූපයක්.
මේ නිසාම 1994 වසරේදී ලොව හොඳම චායාරූපය ලෙස පුලිට්සර් සම්මානය හිමිවන්නේත් කාටර්ට.
ඉන්පසුව සංවාදයට නැගෙන්නේ මේ චායාරූපය ගැනීමෙන් පසුව මේ  දරුවාට සිදුවූ ඉරණම කුමක්ද
යන්නයි.
මේ ප්‍රශ්නය හමුවේ කාටර් නිරුත්තර වනවා.
මේ චායාරූපය ගැනීමත් සමගම කාටර් එම ස්ථානයෙන් ඉවත් වූ නිසා ඉන් පසුව සිදුවූ දේ කාටර් දන්නේ නැහැ.
සම්මානය ලැබීමෙන් මාස 2කට   පසුව මේ සිදුවීම නිසා සිතට වදද දුන් කනස්සල්ල නිසාම කාටර් සියදිවි හානිකර ගන්නවා.
ඒ වයස අවු. 34 දී.
( දරුවාට වැළඳී තිබුණු ස්පර්ශයෙන් බෝවන රෝගය නිසා කාටර් දරුවා අසලට ගොස් බේරාගත්තේ නෑ කියලත් මතයක් තියෙනවා.)
ඕක තමයි කතාව.

පසු කතාව:-

ඉන් වසර 20කට පසුව 2014 දී මේ කතාව යලි කරලියට එනවා.
ඒ මේ පින්තූරය අතින් ගත් පුද්ගලයෙක් ගේ චායරූපයක් නිසා.
ඒ එම චායාරූපයේ සිටින දරුවාගේ පියා.
දරුවාගේ නම kong nyong..
දරුවා සහ ගිජුලිහිණියාගේ චායාරූපය ගැනීමෙන් පසුව දරුවා ගිජුළිහිනියගේ ගොදුරක් වෙලා නැහැ. පසුව සූඩානයේ ම ජීවත් වූ දරුවා මියගොස් තියෙන්නේ 2007 අවුරුද්දේදී.
ඒ උණ රෝගයක් වැළඳීමෙන්.
කාටර් එම චායාරූපය ගැනීමෙන් පසුව විනාඩි කීපයක් එතන හිටියනම්, කාටර් ගේ ඉරණමත් වෙනස් වෙනවා.
කාටර් කොයි තරම් විශිෂ්ඨයෙක් ද කියලා දැනෙන්නේ ඔහුගේ කැමරාවේ සටහන් වූ චායාරූප එකතුව දකිද්දී.

දරුවාගේ පියා

දරුවා

ජායාරූප ශිල්පියා

(සියල්ල මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි)

8 comments:

  1. නෙතට පෙණුනු පින්තූරය බලාලා
    හදට බැඳුණු සිතුවිල්ලක එතීලා
    රහට සටහනක් පදවල ඔතාලා
    යසට අදත් ඇත ලිපියක් ලියාලා......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා.මුහුණු පොතේ හොද දෙයක් දැක්කොත් මෙතෙන්ට ගේනවා මම.
      ජය!

      Delete
  2. යට කොටසෙ ලියලා තියෙන එක අදයි දැනගත්තේ... ස්තූතියි සෙල්ෆි...

    ReplyDelete
    Replies
    1. එනිසාමයි එකතුකළේ ලිපිය.
      ජය!

      Delete
  3. මුල් ටික දැනගෙන හිටියත් කතාවෙ පසු කොටස අදයි දැන ගත්තේ.. ඒ වගේම සෙල්ෆිට බ්ලොග් එකක් තියෙනව කියලත් අදයි දැනගත්තේ

    ReplyDelete
  4. අන්තිම කතාව දන්නේ අද. ස්තූතියි සෙල්ෆි..

    ReplyDelete