කවි ගැන යමක්...

මෙම ලිපිය හුදෙක් නිර්මාණකරණය සදහා අවශ්‍යතාවය ඇත්ත වුන් සදහාම පමණි.

ඇතැමෙක්ට වැදගත් වේ යන චේතනාවෙන් ම ලියමි.

 සිව්පද කවියක් නිර්මාණයක දී මෙම රීතිය ඔබට සැලකිලිමත් වීම තුලින් නිර්මාණය වඩාත් සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. එනම් සිව් පද කවියක පේලි හතරම තුල මාත්‍රාව එක සමාව වියයුතු විමයි.ඊට අමතරව මුල සහ අග ගුරු/ලඝු රැකීම තුලින් වඩාත් සාර්ථක නිර්මාණයක් බිහිකිරීමට හැකියාව ලැබේ. එනම් මුල සහ අග වචන හතරම අවසානය ලඝු හෝ ගුරු ම, අකුරක් වීමයි. පහතින් එය පැහැදිලි වේ.

 </ගුරු අකුරක්(ඇදෙන අකුරු)මාත්‍රා=2 
හල් අකුරු (හල්ලන්ත ගුරු)මාත්‍රා=2 
 ලඝු අකුරක්(නොඇදෙන අකුරු)මාත්‍රා=1 

 බාර උනේ මගෙ නාඹර ඉද්ද කැකුළ ගන්න 
 2,1 +1,2 +1,1 +2,1,1 +2,1 +1,1,1 +,2,1=21
 සාර කෙතේ රන් අස්වනු නෙලා උතුර වන්න
 2,1 +1,2 + 2 +2,1,1 +1,2 +1,1,1 + 2,1=21
 කාර බැදන් යන දවසේ ජයට මගුල් කන්න 
 2,1 +1,2 +1,1 +1,1,2 +1,1,1 +1,2 +2,1 =21
 පාර කියනවද මැණිකේ ගෙදර දිහා එන්න 
 2,1 +1,1,1,1,1 +1,1,2 +1,1,1 +1,2 +2,1= 21 

 මීට අමතරව "ය,ව,හ,න්" යන අකුරු වලින් කවියක පේලිය අවසන් කරන විට ඊට පෙර අකුරද පේලි හතරේම අගට තීබීමද රීතියක් බවට මා අසා ඇත.නැතහොත් එය යවහන් දෝෂයට හසුවේ. 

මේ සියල්ල මුහුණුපොතේ නිහතමානී දැනුම ඇති පිරිස විසින් මා හට කියාදුන් දේවල් පමණි. 

ස්තුතියි... 
සෙල්ෆි කවියා (Priyadarshana R.M.A)