අම්මා ට නොකී වඟ

අට පලල උදැල්ලෙන්
ඉන් නියර රහිනකොට
උගුර කට වේලීලා
මහපොලව කැරකුණා...

මම ඔලුව බදාගෙන
උඹ ගැනම හිතනකොට
වෙල් හුලන් මහ හුගක්
පපුවටම ගුලිවුණා...

කැකෑරුණු වතුර ට
උගුර කට තොමුනට
කන් අඩිය රත්වෙලා
දාඩියක් පිටවුණා...

දනිස් පොල් කටු උඩ
නළල ඇලවෙනකොට
මට හුඟක් සනීපෙන්
ඔලුගෙඩිය නැලවුණා...

කණ කොකෙක් තනියට
ලඟම කෑ දෙනකොට
මම ඉන්නේ මහවෙළේ
කියා මට සිහිවුණා...

4 comments: