2017-07-30

සෝමේද Man...

 සෝමදාසට දිනක් දෙකක් මඟහැරුණද නිතිපතා මත්වීමට නම් අමතක නොකරයි.එමෙන්ම දවසේ ආදායමෙන් තුනෙන් එකකට ආසන්නව දුම් ඉරීමට වැයවෙන බව ඔහු නැතත් ඔහුගේ හිත හොදින්ම දනී.  සෝමදාස සුපුරුදු වැඩමුරය නිමකර සවස් යාමයේ හන්දියේ තේ කඩයට ගොඩවිමට කඩය දෙසට හැරුණි.එහෙත් අරමුණ තේ බීමට නම් නොවන බව පෙනුමින් කඩවසම් මෙන්ම තරමක් රළු පෙනුමකින් හෙබි සෝමදාසටද අවුරුදු හත අටකට වඩා වයසින් පහල හන්දියේ මහතුන් හොදින්ම දනී.  සෝමදාස බයිසිකලය කඩය ඉදිරියේ නවත්වා කඩයට පය තබත්ම මහතුන් සෝමදාසට ඇමතීය.     € සෝමේ... මේ පොඩ්ඩකට ඇවිත් පලයන්...  ¥ ආ.. මහතුන් මලයා.මම දැක්කෙත් නෑ නොවැ උඹ ඉන්නවා කියලා..  € ඒකට කාරි නෑ. මම කතා කළේ උඹෙන් පොඩි අතමාරුවක් ඉල්ලගන්ඩ කියලා..  ¥ අනේ මලයා...  € තිබුනත් අද රැ වෙද්දී උඹ ලඟත් නෑනේ නෙහ්..(මහතුන් එය කිවේ වහෙන්ඔරෝය)  ¥ මාලඟ කොහෙන්ද ඉතින් සල්ලි මහතුන්...  € කෝ ඉඳපන් බලන්න මම ම හොයාගන්නම්..  (මහතුන් සෝමදාස ගේ කමිස සාක්කුවට අත දමා තිබූ සියලු මුදල් නෝට්ටු මිටමොළවාගත්තේය)  ¥ දැන් කියපං මට මේ මොනාද කියලා...?  € මේ අද වැඩකරපුවයෙ සල්ලි නොවැ මහතුන් මලයා..  ¥ හරි.. උඹ දැන් පලයන්..  € අනේ මලයා..  ¥ අයේ උඹට කියන්නෑ මම සෝමේ.. පලයන් මෙතනින්...     සෝමදාස මහතුන් සමග අමනාපෙන්ද නැතිද යන දෙතැනම මුව රඳවා ගනිමින් බයිසිකලය මත නැගී හැරුණේ සුපුරුදු දෙවන ගමනටය.එනම් කසිප්පු වාඩියටය.මහතුන් සමග පොරයට නොගොස් නිහඬව පැමිණීමට හේතුව එසේ පොරයට යාම වැඩවරද්දවා ගැනීමක් බව සෝමදාස සක්සුදක් සේ මනාව දන්නා කාරණයක් බැවිණි.නමුත් කේන්තිය අළුයට අඟුරු මෙන් තවමත් හිතම දවාලමින් පිච්චෙයි.ඒ හේතුව නිසාවටම බයිසිකලය වෙනදාට වඩා වේගවත්ය.     වාඩියට පැමිණි සෝමදාස ඒ වෙත ඇතුලු උනේ මෙසේ කියාගෙනමය     € මැගිලින් අක්කා අද මට හොදට බොන්ඬ ඔනේ...  ¥ ඇයි මලයා... උඹ හැමදාමත් හොදට බොනවනෙ බං..  € අද ඊටත් වඩා බොමු.කෝ මට මෙහෙට එකක් ගෙනෙන්කෝ.  ¥ ආ ඉදා මලේ..  සෝමදාස වෙනදා පැයගානක් තොලගාන වීදුරුව, එක උගුරට දෙකට, දෙගුණ තෙගුණ කර වාඩියෙන් බැස්සේය.  € මැගි අක්කා අද සල්ලි නෑ මයෙ අම්මේ...  ¥ එතකොට දැන් මට සල්ලි දෙන්න තොපෙ අහවල් එකාද බං...  € අර ඉතින් උඹට පොඩ්ඩට කේන්ති ගන්නවනේ මැණිකේ.උඹ මයෙ බයිසිකලේ තියාගනින් ආ... මම යනවා..  ¥ කලින් කියන්න එපැයි මයෙ මල්ලියේ.. හෙටත් වරෙන් මාව මතක් උනොත් ඈ...  € උඹ කවද්ද අමතක උනේ මට මැණිකේ..  සෝමදාස එසේ කියම්න් වෙරි මතින් ගෙදරට ඇඳුණි.තරමක් ඇදිරි වැටෙන්නට ආසන්න නිසා සිය බිරිඳගේ ඇස් කඩුල්ල ලඟමය.සෝමදාස කඩුල්ලේන් නිවස ගෙමිදුලට ඇතුල් වත්ම බිරිද ලීලාවතී මෙසේ ඇසීය..  ¥ කෝ මහත්තයා බයිසිකලේ.අදත් මග කැඩුනද?  € උඹ කවුද ගෑණියේ.. මගෙන් ඒව අහන්න...  සෝමදාස ගෙට ගොඩවෙමින්, දොර බිත්තියේ හප්පා දොරකඩම වාඩිවි කෑ ගසන්නට තිබාගති.ලෝකයාට බය නමුත් බොහෝ පිරමින් සේම, සෝමදාසද ගෙදරට වීරයා විය.සංවාද තවත් උණුසුම් වන්නට විය  ¥ ඇයි මහත්තයො අදත් බිව්වෙ.ඊයෙත් බීලා උයන්න මොකවත් ගෙදර හරියක නෑ.ළමයට දවල්ටත් කෑමක් නෑ..  € ඉතින් තොපිට මං කන්ඩ එපා කීවද යකෝ.කෝ තොපේ අප්පලා මහ උන්.කියාපිය උන්ට.මට ගෑණුන්ට කන්න දෙන්ඩ නෑ යකෝ...     (තවතවත් සංවාදය උණුසුම් විය)නිදා සිටි තම දරුවා බිය වී මහ හඬින් හඬන්නට වින.දරුවා නිතර කම්පනය පත්වීම දැන් කලක පටන් පුරුද්දක් වී ඇත..     ¥ මේ ළමයත් ඇහරිලා.දොස්තර එදත් කීව ආයේ ළමයව අසනීප වෙන්ට නරකයි කියලා."නවත්තන්න මේ අරගලේ මගෙ මහත්තයෝ"      කියමින් බිරිද සෝමදාසගේ දෙපා ලඟ සානුකම්පිතව දණ වැටිණි.සෝමදාස බිරිඳට පයින් පාරක් ගසා නැගිට ගේට්ටුව වෙත දිවගියේ ගේට්ටුවේ පොල්ලක් කඩා ගෙන ඒමටය.එම ප‍ා පහර දරුවාට එල්ල නොවුනේ අනූනවයෙනි.සෝමදාස පොල්ල කඩාගෙන ඒමට ගියේ තම බිරිඳිට පුරුදු පරිදී පහර දීමටය.එය ඔහුගේ මනසේ සිටින වීරයාගේ ආරූඪ වීමකි.  නොසිතූ මොහොතක හාත් පස සෝමදාස වෙනස් විය.ඔහු ආපසු හැරී කැහැපොට කැවූ සරම බිම හෙලා නිවස දෙසට අඩි කඩන්නට විය.බිරිද පුදුමව ගල්ගැසී බලා හිදී.බලාපබලාපොරොත්තු වූ පිට පිට පොළුපහරවල්  තවම නැත.ඇයට පාර දෙසින් සෝමේ යැයි කවුරුන් හෝ අමතන හඬක් ඇසීන.ඒ හඬ වැට අද්දරටම ආසන්නම උනු බැවින් බිරිද තරමක් විපරම් කර ඊට කන්දෙන්නට විය.     ¥ මොකද්ද බං මට අර ඈතට ඇහුන සද්දෙ..?  € නෑ මහතුන් මලයා.. මේ නිකන් නේද..  ¥ උඹ කුණුවෙන්න බීල නේද ඉන්නේ ආ..බලන්න දාපන් අර කලින් දාපු සද්දේ...  € ආ..යේ මලයා මේ දන්නෙ නැද්ද ඔහෙ..  (සෝමදාස එය කීවේ බයාදුගත සිනහව සමග ඇස් බිමට හරවමින් වමතින් හිස කසන ගමන්මය)  ¥ මම ආවේ තෝ එක්ක මුකුළු කරන්න නෙවේ යකෝ.. මට ඊයෙත් මේ සද්දේ මේ වෙලාවෙම මෙතනින් යද්දී ඇහුනා.. මම ඒකයි තොගෙ සල්ලි ගත්තේ කඩේ ලගදි.. ආවේ ඒක දීල යන්න මිසක් තොගෙ රංගනේ බලන් යන්න නෙවේ දැනගන්..     (සෝමදාස තවමත් බිමබලාගෙන නිහඬව හිදී.බිරිඳ සෝමදාස මහතුන් විසින් බැණුම් ඇසීම ඉවසාගත නොහැකිව දොරකඩ ලඟ කදුළු වඟුරයි)     මහතුන් තවදුරටත් තරහින් පුපුරන්නට විය.ඔහු බිරඳ දෙසට ඳබරගිල්ල දිගුකර සෝමදාසට ඇයව පෙන්වමින් මෙසේ කීය.     හෙට ඉදින් අයෙ මේ ගමේ සද්ද තිබ්බොත් එක්කො උඹ... නැතත් මම.. මතකතියාගනින්ල, මේ උඹට කියන පලවෙනි සහ අන්තිම වතාව.ඉදා උඹේ සල්ලි.. කොන්ද පණ තියෙන පිරිමි ගෑනිට අතඋස්සන්නෑ යකෝ..  මම ගියා..  මේකත් මතක තියාගන්, එක ගමේ චන්ඩි දෙන්නක් ඉන්න බෑ...     සෝමදාසට දැනටමත් මවාගත් වෙරි හිදී හමාරය.මහතුන් පිටව ගිය පසුම සෝමදාස කෙලින්ම ගෙට ගොඩව කාමරයට රිංගා ගත්තේය.සැබැවින්ම සෝමදාසට දොරකඩ සිටි සිය බිරිදව ඇස නොගැටුනේ ඔහු ගැන ඇතිවු බිලිබරිත දෑස් නිසාවටමය.  -------------------------------------------------------------------------------------------------  -සෙල්ෆි කවියා- (Priyadarshana R.M.A.)