2017-07-22

ඔිස්ට්‍රෙිලියාවේ ක්‍රිස්මස් දුපත CHRISTMAS ISLAND

මෙම දුපත සත්ව අභය භුමියකි . විශේෂිත සත්ව විශේෂයක් එම දුපත තුල ආරක්ෂා කරනු ලබයි ඒ රතු කකුලුවෝය .මෙම දුපතේ ඡනගහනය 2500 කි. වසරකට මුහුදේ සිට ගොඩබිමිට එන කකුලුවන්ගේ සංඛ්‍යාව කෝටි 5 ද ඉක්මවා යයි. සෑම වසරකම ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල මේ කකුලුවෝ
ගොඩබිම් ආක්‍රමණය කරති.වනාන්තර තුලට වැදී ගුල් හාරගෙන මාස දෙකක කාලයක් සිය නිවාඩුව ගතකරති.ඒ කාලවලට සම්පූර්ණයෙන්ම දුපතේ පාරවල් වසා දමයි. ඒ ඔවුනට නිදහසේ එහා මෙහා ගමන් කිරීමටය. මුහුදෙන් ගොඩබිමට පැමිනෙන ඔවුන් මහාමාර්ග හරහා වනාන්තරයට ඇදීයයි. මුහුදු වෙරලේ සිට වනාන්තරය කරා යාමට නොහැකි සමහර අසීරැ තැන්වල ඔිස්ට්‍රෙිලියා රඡය විසින් ඔවුනට මාර්ග හරහා පාලම් ඉදිකොට ඇත. දූපතෙන් 70% ක් සත්වයන් වෙනුවෙන් වෙන්කර ඇති අතර දූපතේ ඉතිරි 30 % මිනිසුන් ඡිවත්වෙති.

  (මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)

ගුවෙර්නිකා GUERNICA

සිදුවූ මහා ඛේදවාචක , අපරාධ හෝ විනාශයන් සැබෑ කලාකරැවා සිය නිර්මාණයන් තුලින් සටහන් තබයි. ඒ එය අනාගතයට අණතුරැ ඇගවීමක් ලෙසට හෝ මතු පරපුරේ දැන ගැනීම උදෙසා හෝ විය හැක. '' ගුවෙර්නිකා '' යනු ඉතිහාසයේ සිදුවූ එවන් සිදුවීමක් සිය පින්සල් තුඩු මගින් සිතුවමට නැගූ පැබ්ලෝ
පිකාසෝ නම් විශිෂ්ඨ චිත්‍ර ශිල්පියාගේ අනගි නිර්මාණයයි.
-------------
1939 ස්පාඤ්ඥයේ සිවිල් යුද්ධයෙන් බලය ලබාගත් කෲර ආඥාදායක ඡෙනරාල් ෆැන්කෝ එරට සියලු සමාඡවාදී සංවිධාන තහනම් කොට ප්‍රඡාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි උගතුන් බුද්ධිමතුන් හා
කලාකරැවන් එක්කෝ ඝාතනය කලේය.නොඑසේනම් සිරගෙවල් තුලට ගාල් කලේය.එහෙත් ඉන් බිය නොවූ සිවිල් සංවිධානවල මිනසුන් මෙන්ම සමාඡවාදී සංවිධානවල පුද්ගලයෝද එකතුවී ස්පාඤ්ඤයේ කුඩා නගරයක සිය මුලස්ථානය පිහිටුවීය. ඔවුහු සුදානම් වූයේ සන්නද්ධ අරගලයක් මගින් ඡනරාල් ෆැන්කෝ පලවා හැරීම නොවේ. ප්‍රඡාතන්ත්‍රවාදී උපාය උපක්‍රම මගින් ෆැන්කෝ පළවා හැරීමටය. එහෙත් ෆැන්කෝ එයට ප්‍රතිචාර දැක්වුයේ තිරිසන් ආකාරයකටය. ඔහු සිය හමුදාව යවා ගුවෙර්නිකා නගරය වටකොට නගරය මතට බෝම්බ හෙලුවේය. ඉන් නගරය ගිනිඡාලාවක් විය. ළමා ලපටි පමණක් නොව වැඩිහිටියෝද සතා සීපාවාද ගහ කොලද අලු දූවිලි විය. පැබ්ලෝ පිකාසෝ නැමැති මහා චිත්‍ර ශිල්පියා ඒ පුවත ලෝකය වෙත ගෙන ගියේ සිය අනිගි සිත්තම මගිනි. ඔහු එයට ''ගුවෙර්නිකා'' යනුවෙන් නම් තැබීය. එහි චිත්‍රනය කර ඇත්තේ මුලු මහත් ස්පාඤඥ⁣යම මළගෙයක් බවට පත්කල ගුවෙර්නිකාවේ එදා මිනිසුන් නැගු මරලතෝනියයි.

  (මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)