2017-05-25

එය උත්තරීතර ආදරයේ පමණක් නොව සදාකාලික ශෝකයේද අපරිමිත වේදනාවේද ප්‍රකාශනය විය.


ඉන්දියාවේ ඉතිහාසගත මෝගල් අධිරාජ්‍යයේ 5 වැනි මෝගල් අධිරාඡ්‍යයා වු ෂාඡහාන්
අද්විතීය ආක්‍රමණිකයකුවූ චිංගිස් කාන්ගේ පරපුරෙන් පැවත එන්නෙකි. හේ මහා අක්බාර් අධිරාඡයාග

මුණුපුරෙකි. රෑමත් මුම්ටාස් මහල් ඔහුගේ බිරිද විය. ඔහුට දාව ඇය දරැවන් 13 දෙනෙකු මොලොවට බිහි කලාය.ඇය සිටියේ සිය 14 වැනි දරැ ප්‍රසූතියට සුදානම් වෙමිනි. ඒ 1631 වර්ෂයයි. ඒ වර්ෂය සාජහාන්ට විරැද්ධව අධිරාජ්‍යයේ කැරලි පැන නැගුනු කාලයයි. මේ එක් කැරල්ලක් මර්ධනය සදහා සාඡහාන් යුධ පෙරමුණට යා යුතුව තිබිනි. මේ සදහා තමාවත් යුධ පෙරමුණ කරා රැගෙන යන ලෙස මුම්ටාස් ඇවිටිලි කලෙන් සහඡාන් යුධ පෙරමුණට ගියේ ගැබිනියකවූ මුම්ටාස්වත් රැගෙනය.යුධ කුඩාරමක් තුල මුම්ටාස් සිය 14 වැනි දරැවා ප්‍රසූත කලද දරැ ප්‍රසූතියේදී මුම්ටාස් මිය ගියාය. මින් කම්පණයට පත් සාඡහාන් යුද්ධය සිය සෙනෙවියන්ට භාර දෙමින් මුම්ටාස්ගේ ප්‍රාණය නිරැද්ධ දේහයද රැගෙන නැවත සිය නුවර වන අග්‍රා වෙත පැමිනියේය. අනතුරැව හේ සිය මාලිගයේ සදලුතලයට පෙනෙන ඉසව්වෙන් යමුනා ගංගා තීරය අසබඩ රමණිය බිමි තීරයක ඇගේ දේහය තබා ඒ වටා සොහොන් ගෙයක් ඉදි කලේය. සේවකයන් 22,000 ක් යොදවා වසර 22 ක් තිස්සේ ඔහු මෙය ගොඩනැංවූ බව ඉතිහාසය අපට කියයි. ‘‘ ටාඡ් මහල් ‘‘ යනුවෙන් සාඡහාන් එය නම් කලේය. ඊටම නුදුරින් එහි ආකෘතියටම තමාගේ සොහොන් ගෙයත් කලු පැහැති පාෂාණයෙන් ඉදිකල සාඡහාන්ට සිය අධිරාජ්‍යයේ ඔටුන්න පැළදගෙන සිටීමට ඔහුගේ පුත්තු ඉඩ තැබුවේ නැත.ඔහුගේ වැඩිමහල් පුත්‍රයා අවුරන්ගාසබ් සිය සොහොයුරා වු සූඡා හා එක්ව පියරඡු ඔහුගේම සෙහොන් මැදුරේ සිරගත කර ඒ වටා දැඩි ආරක්ෂිත මුර සෙබලුන් තබා සාඡහාන්ගේ අධිරාජ්‍යයේ කිරීටය උදුරා ගත්තෝය .පුරා වර්ෂ 8 ක් සාජහාන් දුක්ඛිත සිරකරැවෙක්ව සිට 1666 වර්ෂයේ මිය ගියේය.