2017-03-14

ඔබට හිතාගන්න පුළුවන්ද?...

ඔබට හිතාගන්න පුළුවන්ද මේ පැටලුණු කෙඳි සහිත ආදාරකය කුමක්ද කියා?... ඔවු ඔබ වැරදියි..
මේ තියෙන්නේ ඔබ අප කවුරුත් භාවිතා කොට ඇති ඉදිකටුවක සිදුර එයට ඇතුල් කල නූලක් සමඟ මයිකෝ අන්වීක්ෂයකින් දකිනා අයුරු..

2017-03-11

මම ත් නැත විරසක

පෙලක් වුන් කලක්ගිය
..................පසුව අපි අමතක
පලක් නැති නිසානම්
..............මම ත් නැත විරසක
ගලක් වැනි හිතක් ඇති
...................තවත් අය දවසක
මලක් මෙන් පරවේවි
...........මිනිස් දම් සොහොනක


-සෙල්ෆි කවියා-

ඡිරාෆ් යනු

ඡිරාෆ් යනු දැවැන්ත සත්ව විශේෂයකි ඔබ කෙදිනක හෝ මෙම සත්වයාගේ හඩ අසා තිබේද ? 
නැත ඒ උන් ගොලු නිසා නොවේ.උන්ගේ හඩ එතරම්ම සිහින් ස්වරයක් ගන්නා නිසාය . එය කොතරම්ම සිහින් ස්වරයක්ද යතොත් ඡිරාෆ් පැටියෙකු බඩගිනි වී හඩන හඩ ඇසෙන්නේ උගේ මවට පමණි. උන් වතුර
බොන්නේ මහත් අසීරැවෙනි.ඒ උගේ දිගු බෙල්ල නිසා ශරීරය සමතුලිත කරගත නොහැකි නිසාය.එබැවින් උන් මාංශපේශින් ඉරී යන තරමට උන්ගේ ඉදිරි පාද ඈත් කරයි.උන් සෑමවිටම හිටගෙන විනාඩි 5 ක් නිදා ගනියි.ගැඹුරැ නින්දක් අවශ්‍ය නම් උෟ බිම දිගාවී කුරැල්ලෙකු මෙන් වකුටු වේ.උන්ගේ උපරිම ගැඹුරැ නින්ද පැය බාගයකි.

---------ඩෙස්මන් මොරිස්ගේ සත්ව වර්ගයා කෘතියෙන්


2017-03-05

අරන් එනතුරු ඉදින් නන්දා...

කාණුවේ කුණු ගොඩට ගන්නා
...................මගේ මේ රස්සාව හින්දා
හුස්ම කෙන්දත් හිරකරන් ගඳ
...............දෛනිකව හිමිදිරියේ වින්දා
ලෙඩ ඇදේ පණ අදින සද්දේ
.................මගේ හදවත නිතර බින්දා
උඹට අධිමිල එන්නතට පඩි
...............අරන් එනතුරු ඉදින් නන්දා


සෙල්ෆි කවියා (Priyadarshana R.M.A.)

2017-03-03

අනේ ඉස්සර වගේමයි නුඹ

අනේ ඉස්සර වගේ මයි නුඹ 
අමර සෙනෙහෙන් මත්වෙලා.. 
දිනේ තාමත් හොදට මතකයි 
වඩා ගෙන මා එක්කලා.. 
කනේ ගාවට මුවද ලන්කර 
කීව හැටි නෙත් තෙත්වෙලා.. 
පනේ මා ලග සල්ලි නෑ අද 
පුතේ හෙට ගමු අග්ගලා.. 
 
සෙල්ෆි_කවියා_selfie_kaviya

youtube downloader නැතුව විඩියෝ බාන්නෙ මෙහෙමයි.....






ඔයත් YouTube vidos downlord කරනව නම් .......එක එක software ඔනෙ නෑ.......මෙන්න නියම ක්‍රමයක්.......


 www ,වෙනුවට ss .දලා enter කරල බලන්නකො..........
eg:

මෙක ඔයගෙ phone එකෙනුත් කරන්න පුලුවන්....

m  කියන එක මකල ssදල බලන්නකො................