12/21 මෙදා උපන්දා උපන් සිතිවිල්ල...

පපුව යට ඇත වචන මරණයට            ලියවුණු
ඒය නොවේ අද ලියන මේ අයනු           ආයණු
දින ගනින ඉම පෙනෙන මායිමට          යාවුණු
දවස මෙයමයි වුනත් මට මාව             හමුවුණු

මේ ගෙවෙන නිමේෂය ඒ තුලම          ගෙවීයන
හෝරාව ලබන තුරු මා තුලම             රැදීගෙන
ජීවිතේ බැදීමක රැදීමක ගලා                     යන
සුසුම් වැල් තියෙනතෙක් ජීවිතේ             අයදින

ආමිසය තුල ගිලී ප්‍රතිපත්තියක්                   තනා
මාවතේ රස ම විස එක ම පතක ට              අනා
කමටහන් ලෙසට ගෙන විදිනු ඇත මිස        විනා
ලොවට රන් රස ලෙසේ නොපෑහෙමි මම     මනා

2 comments:

  1. ලොවට රන් රස ලෙසේ නොපෑහෙමි මම මනා

    +++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් සුදා, අපිට අපි...

      Delete