විරුවාගේ සටහන



විරුවාගේ සටහන
-----------------------------------------------------
අනේ දහසක් මිනිස් ජීවිත ගොඩට ගන්නට හිතා ආවේ
ඉනේ බැදගෙන වුන්නු කෙඹල් කඹය දෝ මට හරස් වූවේ
දිනේ කවදා සිහිනෙකින් සිතු දේකටත් නොව මුහුණ පෑවේ
විනේ ඉහලින් නෙලුව පොලවට වැටී රෝහල් අදට බෑවේ

කාත් කවුරුත් කොහේ වේවිද මා මළොත් ගෙදරකට ඇත්තා
ඒත් තව තව මතක් වෙන්නෙ වතුර අස්සේ හිටිය අත්තා
ඈත් ගෙදරට වෙලා දරුවන් එක්ක තනිවෙයි කමක් නැත්තා 
මාත් මොහොතක් ලෙඩ ඇදේ දිත් නැවත එන්නට වාරු ගත්තා

සුර විරු කැල රකිනු සත්තයි මා නැතත් හැමදෙනම දෙරණේ
නෑර එකෙකුත් බේරගන්නට තමා ආවේ ජලය තරණේ
මාර යා පරදන්න බැරි බව බුදු බණෙත් කියවෙනා කරුණේ
පාර මේකයි යන්න යනවා හැමට පතලා තිසර සරණේ

"ජලයෙන් ජීවිත හානි වූ සියලුදෙනට නිවන් සුව"

8 comments:

  1. පිරවුණී වැහි ඇදවැටීලා ජල තරංගය මහ උසේ
    යටවුණී ඒ ජල තරංගෙට ගම් නියම්ගම් හැමදෙසේ
    නික්මුණී සේවාව අතරෙම දිවි පුදා නොසිතුව ලෙසේ
    විරුවණී සුභ ගමන් නුඹහට කවියකින් ලියනෙමි මෙසේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම පිහිටට ඉන්න දෙවිවරු නේද අයියේ...

      Delete
  2. මේ ගුවන් භටයා ගැන ඇත්තටම දුකයි. පොඩි පුතා අඬන හැටි දැක්කම පුදුම අමාරුවක් හිතට ආවේ.

    ReplyDelete