අද හැන්දෑවෙ... (21/08/2016)

අම්මට බේත් ගන්න කියලා දොස්තර මහත්තය ලගට ගිහින් අම්මා වාඩි උනාම දොස්තර ඇහුව මොකද අම්මා කියලා...

ඉතින් අම්මා ලැජ්ජාවෙන් වගෙ මගේ දිහා බලනවා...


මම ඉතින් "ඩොක්ටර්" කියල කට ඇරපුගමන් අම්මාගේ වැරදි සෙට් එකම කියාන ගියා කටපාඩමෙන් වගේ.


ඩොක්ටර් අද දවල් අම්මට කලන්තෙත් හැදිලා, මම ඊයේ අහලත් කිව්වෙනෑ, දවස් තුනක්ම ෆෙෂර් පෙති තිබිලානෑ.සීනි පෙති පිරිමහලා බීලා පෙති 15 ක් විතරම ඉතුරුවෙලා...
මොකද කලින්පාර බෙහෙත් ගද්දි ඩොක්ටර් නෙවේ හිටියෙ.මෙයාට ඒ ඩොක්ටර්ගෙ බේත් හිතට ඇල්ලුවෙත් නෑ වගේ මහත්තය..

----------------------------------------------

මගේ කතාව බදුලු කෝච්චිය වගේ කියවන් ගියාට පස්සෙ, ඩොක්ටර් කිව්වා හෙට උදේ අපි සීනි කොලෙස්ටෙරෝල් බලමු.රෑ 10 න් පස්සේ කන්නෙ නැතිව හෙට උදේ එන්න, ෆෙෂර් වලට බෙහෙත් දෙන්නම් කියලා.

අර පොඩි බට්ටි නංගිලා සුටු සුටු ගාලා බෝතල් මුඩු ඇර ඇර කවර වලට දාපු බේත් ටික මිටමෙලවන් ආපහු එන්න හැරුන ඔන්

ඒත් මා එක්ක සුට්ටක් අමනාපෙන් ගතුකිව්වට ඉතින් මෙයා.

මම එනගමන් කිව්වා බෙහෙත් එකපාරම නවත්තන්නෑ ෆෙෂර් සීනි අඩුවුනාට කියලා.හරියට බයික් එකේ බෙරේක් ගැහුවට ඒක මොනතරම් තදට ගැහුවත් ටිකදුරක් යනව ක්‍රමයෙන් නවතින්න කියලා, කියනගමන්ම බේරේක් පාරකුත් ගහල පෙන්නලා මම 40 ට විතර මදපවනෙම ගෙදර ආවා ඉතින්....